Search

මේ සතියේ සිට ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන SmartGate තාක්ෂණය

ඔස්ට්‍රේලියාවට ඇතුළුවන ළමුන් සහ නව යොවුන්වියේ ePassport හිමියන්ට මෙම සතියේ SmartGate තාක්ෂණය අත්විඳිය හැකි වනවා.

SmartGate මගින් ස්වයංක්‍රීය විදේශ ගමන් බලපත්‍ර පාලනය වන අතර ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා facial recognition තාක්ෂණය සහ සංචාරකයාගේ ePassport භාවිතා කරනු ඇති.

Arrival SmartGates වැඩිදියුණු කිරීම් කිහිපයකට භාජනය වී ඇති බවද Australian Border Force (ABF) නිකුත්කළ නිවේදනයේ සඳහන්.

මෙම නවතම තාක්ෂණය ඉදිරියේදී සියලුම ePassport සංචාරකයින් සඳහා භාවිතා කිරීමට හැකි වන අතර සුදුස්කම් ලබන වයස අවුරුදු හත (7) දක්වා අඩු කර ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

අවම උස මීටර් 1.1 ක් සපුරාලන වයස අවුරුදු හත සහ ඊට වැඩි දරුවන්ට දැන් SmartGate භාවිතා කළ හැකි වනවා.

මෙමගින් Clearance කිරීම ඉක්මන් සහ පහසු වන අතර, පියවර දෙකකින් යුත් මෙම ක්‍රියාවලිය රට පුරා ඇති ජාත්‍යන්තර ගුවන්තොටුපළ අටක (8) මේ වනවිටත් වැඩිදියුණු කර තිබෙනවා.

ඕස්ට්‍රේලියාවට ඇතුළු වන සංචාරකයින්ට බාධාවකින් තොරව අත්දැකීමක් ලබා දීමට තම කණ්ඩායම කැපවී සිටින බවයි Australian Border Force හි කමාන්ඩර් බෙලින්ඩා කොන් පැවසුවේ.

Increased eligibility at Australian Arrivals SmartGates from this week

 

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »