Search

මෙල්බන් නගර සභාවක් වැඩිපුර දඩ අරන් බවට චෝදනා

වාහන නැවැත්වීමේ වැඩිපුර අය කරන ලද $ මිලියන ගණනක දඩ මුදල් ආපසු ගෙවීමට මෙල්බන් නගර සභාවකට සිදුව තිබෙනවා.

ඒ් පරිපාලන දෝෂයක් හේතුවෙන්.

මෙරි-බෙක් [Merri-Bek] නගර සභාව 2013 වසරේදී basic parking penalties දෙගුණයකට වඩා වැඩි කළ අවස්ථාවේ අවශ්‍ය යෝජනාවක් සම්මත කිරීමට අපොහොසත් වූ බව පිළිගෙන තිබෙනවා

එහි ප්‍රතිඵලයක් ලෙස 2013 ජූලි 1 සිට 2025 ජුනි 11 දක්වා කාලය තුළ අවස්ථා 250,000 කදී දඩ මුදල් අය කළ යුතු ප්‍රමාණයට වඩා ඩොලර් 43 ත් 59 ත් අතර මුදලක් අය කර තිබුණා.

කාර්ය මණ්ඩල සාමාජිකයෙකුගේ පැමිණිල්ලකින් පසු, පසුගිය වසරේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කෙරුණා.

Merri-Bek නගරාධිපති හෙලන් ඩේවිඩ්සන් [Helen Davidson] පවසන්නේ එම දෝෂය නිවැරදි කිරීමට මේ වනවිට පියවර ගෙන ඇති බවයි.

වැඩිපුර අය කරන ලද දඩ මුදල් නැවත ගෙවීම සඳහා ඩොලර් මිලියන 12 ක් සභාව ඇස්තමේන්තු කර තිබෙනවා.

ලබන මස සිට වාහන හිමියන්ට online මගින් ආපසු මුදල් අයදුම් කිරීමට අවස්ථාව ලබා දෙනු ඇති.

දඩ පත්‍රය නොමැති වුව ද ආපසු මුදල් ඉල්ලුම් කිරීමේ හැකියාව පවතින බවයි නගර සභාව පවසන්නේ.

 

 

ඇල්බනීස්ට මුල්තැන නොදී ට්‍රම්ප් – ඔස්ට්‍රේලියා නායකයෙකු අතර රහස් සාකච්ඡාවක්

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඔස්ට්‍රේලියා තානාපති කෙවින් රඩ් අතර පැවති රහස් සාකච්ඡාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »