
ඔස්ට්‍රේලියාව ආර්ථික තරඟකාරීතාවය පිළිබඳ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ වාර්තාවක, ස්ථාන පහක් පහළ වැටී තිබෙනවා.
ස්විට්සර්ලන්තයේ World Competitiveness Yearbook වාර්තාවට අනුව ඔස්ට්‍රේලියාවට හිමි වී ඇත්තේ 18 වන ස්ථානයයි.
මීට පෙර වසරේදී ඔස්ට්‍රේලියාව 13වන ස්ථානය හිමිකරගත් අතර මෙවර පසුබෑමකට ලක් වී තිබෙනවා.

තවද ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදන හා කාර්යක්ෂමතා අංශය 28වෙනි ස්ථානයයේ සිට 49වැනි ස්ථානය තෙක් පහළ ගොස් තිබෙනවා.
ආර්ථික විශේෂඥ Cassandra Winzar පවසන්නේ නීති පාලන ගැටලු, ආයෝජන අඩුවීම සහ බදු පද්ධති අකාර්යක්ෂම වීම මීට හේතු වී ඇති බවයි.

රටේ සේවක නිෂ්පාදන වර්ධන අනුපාතය අවුරුදු 20ක් පුරා අඩු මට්ටමක පවතින බවද ඔහු සදහන් කර සිටියා.
කෙටිකාලීනව ආර්ථිකය පාලනය වී ඇතත් දීර්ඝකාලීනව ආර්ථික වර්ධනයට බලපාන ගැටලු විසදීම සදහා රජය අවදානය යොමු කල යුතු බවද ආර්ථික විශේෂඥයින් පැහැදිලි කර සිටියා.