චීනය සමග වන වෙළඳ අර්බුදය හමුවේ ඩොලර් බිලියන 32 ක පමණ ආදායමක් ඔස්ටේරලියාවට අහිමිවීමේ අවධානමක් නිර්මාණය වී තිබේ.
ඊට හේතුව වන්නේ ඔස්ටේ්‍රලියාවෙන් වානේ මිළයට ගැනීම අත්හිටුවන බවට චීනය තර්ජනය කර තිබීමයි.
දැනට ඔස්ටේ්‍රලියාවෙන් වානේ මිළයට ගන්නා ප්‍රධානතම ගැණුම්කරු වන්නේ චීනය වන අතර ඔවුන් විසින් කිසියම් දැඩි තීන්දුවක් ගතහොත් එය ඔස්ටේරලියාවේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති.
එමෙන්ම චීනය විසින් කල අනතුරු ඇගවීමත් සමග වානේ ටොන් එකක මිල ඩොලර් 09 කට වැඩි අගයකින් පහළයාමද පසුගිය සතියේදී දක්නට ලැබුණා.
ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන පතල් කර්මාන්තයට මෙමගින් දැඩි බලපෑම් එල්ලවනු ඇති බවටයි අනතුරු ඇගවෙන්නේ.
මේ අතර කිසියම් අයුරකින් චීනය විසින් වෙළඳ සබඳතා අත්හිටුවීමට පියවර ගතහොත් ඒ වෙනුවට අමෙරිකානු වෙළඳපොල සමග ගණුදෙනු ආරම්භ කිරීමටද ඔස්ටේරලියාව තීරණය කර තිබේ.