Search

ගිලන් රථය ප්‍රමාදවීම නිසා Melbourne කාන්තාවකට සිදුවූ දේ

ගිලන් රථයක් පැය 7 ක් ප්‍රමාද වීම හේතුවෙන් Melbourne කාන්තාවකට තම නිවසේම මිය යාමට සිදු පුවතක් වාර්තා වනවා.

32 හැවිරිදි Christina Lackmann නම් මෙම කාන්තාව ඇයට ඇති වූ රෝග ලක්ෂණ පැහැදිලි කරමින් triple zero (000) හදිසි සේවා අංශය සමග රාත්‍රී 7 ට පමණ සම්බන්ද වී තිබෙනවා.

නමුත් ඔවුන් එය බලපතල නොවන අවස්ථාවක් ලෙසයි වාර්තා කර තිබෙන්නේ.

එම නිසා ඇයට වෛද්‍යවරයෙකු හා සම්බන්ද වී සහය ලබාගැනීමටද නොහැකි වී තිබෙනවා.

පසුව අදාල කාන්තාව ගිලන් රථයක් ගෙන්වා ගැනීම සදහා ඇමතුම් ගෙන ඇති අතර ගිලන් රථ සේවකයින් ඒ සදහා ප්‍රතිචාර නොදැක්වූ බවයි වාර්තා වන්නේ.

අලුයම 3 ට පමණ ගිලන් රථ සේවකයින් පැමිණෙන විට ඇගේ මළසිරුර නිවසේ තිබියදී හමු වී තිබෙනවා.

පසුව සිදුකල මරණ පරීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ ඇය කැෆේන් අධික ප්‍රමාණයක් ලබාගෙන ඇති බව සහ ඇගේ මරණයට හේතුවද එය බවයි.

මරණ පරීක්ෂක Catherine Fitzgerald සදහන් කලේ 80%ක් පමණ ගිලන් රථ රෝහල් අසල රැඳී සිටීම නිසා අවශ්‍ය අවස්ථාවලට ප්‍රතිචාර දැක්වීමට ඔවුන්ට හැකියාවක් නොමැති බවයි.

මේ හේතුවෙන් ජීවිත අහිමි වීම අපරාධයකට සමාන වන බවත් ඇය කියා සිටියා.

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන්හිදී මෝටර් රථයක් සොරකම් කළ තරුණයෙක් පොලිස් සුනඛයෙකු විසින් සපා කයි.

මෝටර් රථයක් සොරකම් කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් යෞවනයෙකු පොලිස් සුනඛයෙකු විසින් සපාකෑමේ සිද්ධියක් වාර්තා වනවා.

Read More »