Search

ඔස්ට්‍රේලියාවේ පිරිමින්ට වඩා කාන්තාවන් Steroids ගනී

 

 

ඔස්ට්‍රේලියාවේ කායවර්ධන ක්‍රීඩිකාවන් ශරීර වර්ධක ඖෂධ [steroids] භාවිතා කිරීම ඉහළ ගොස් ඇති බව හෙළි වී තිබෙනවා.

ශරීර වර්ධක ඖෂධ පිරිමි කායවර්ධන ක්‍රීඩකයන් මාංශපේෂි වර්ධනය සදහා භාවිත කරන අතර මේ වනවිට කාන්තාවන් අතර ද එය ජනප්‍රියව පවතිනවා.

ග්‍රිෆිත් [Griffith] විශ්ව විද්‍යාලය සිදුකළ අධ්‍යයනයකදී හෙළි වී ඇත්තේ සාමාන්‍ය කාන්තාවන්ට වඩා කායවර්ධන ක්‍රීඩිකාවන් steroids භාවිත කිරීම 12 ගුණයකින් වැඩි වී ඇති බවයි.

අධ්‍යයනයට අනුව ලොව පුරා කාන්තාවන්ගෙන් 4% ක් steroids භාවිතා කරන අතර 2014 වසරේදී එය වාර්තා වී ඇත්තේ 1.4% ක් ලෙසයි.

වෛද්‍ය වට්ටෝරුවකින් තොරව anabolic steroids තබා ගැනීම නීතිවිරෝධී වනවා.

ග්‍රිෆිත් [Griffith] විශ්ව විද්‍යාලයේ ආචාර්ය ටිම් පියට්කොව්ස්කි [Tim Piatkowski] පවසන්නේ කාන්තාවන් steroids භාවිතා කිරීමෙන් දීර්ඝකාලීන හානිකර ප්‍රතිවිපාක ඇති විය හැකි බවයි.

anabolic steroids මගින් ප්‍රධාන වශයෙන් පිරිමි ලිංගික හෝමෝනවලට බලපෑම් ඇති කරනු ලබනවා.

එවැනි ඖෂධ අනිසි භාවිතයෙන් හෘදයාබාධ, ආඝාතය [stroke] සහ අක්මා හානි වීමේ අවදානම පවතින බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අනුව මෙම ඖෂධ සම්බන්ධ නීති වෙනස් වනවා.

Queensland හි මෙම steroids, Schedule 1 ඖෂධයක් ලෙස වර්ගීකරණය කර ඇති අතර, වට්ටෝරුවකින් තොරව එය තබා ගැනීම සඳහා අවුරුදු 25 ක් දක්වා සිර දඬුවම් නියම කරනු ලබනවා.

Victoria හි ඒ සඳහා ලබාදෙන්නේ වසරක සිර දඬුවමක් පමණයි.

 

 

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »