
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා.
No Fly List සදහා ඇතුලත් කරන රටවල් වල පුරවැසියන්ට ඇමරිකාවේ Immigrants සහ non-immigrants වීසා ලබා ගැනීට දැඩි සීමාවන් පැනවෙනවා.
ඊජිප්තුව,නයිජීරියාව, සිරියාව, ගානා,දකුණු සුඩානය, සිරියාව ඇතුළු රටවල් කිහිපයක් මෙම ලයිස්තුවට ඇතුලත් බවයි වාර්තා වන්නේ.

ට්‍රම්ප් පවසන්නේ, මෙම රටවල් හරහා ඇමෙරිකාවට පැමිණෙන පුද්ගලයින් ඇමරිකාවේ සිවිල් ආරක්ෂාවට තර්ජනයක් බව බවයි.
තවද මොවුන් වීසා කාල සීමාව ඉක්මවා රැඳී සිටීම හෝ පිටුවහල් කරන ලද පුද්ගලයින් ආපසු ගෙන්වා ගැනීමට සහයෝගය දැක්වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.

විශේෂයෙන් ඊජිප්තුව, යෙමනය, සහ සූඩානය වැනි රටවල් වල පුරවැසියන් දරුණු ආගමික විශ්වාසයන්ට සම්බන්ද වෙන නිසා එය රටේ ආරක්ෂාවට තර්ජනයක් බවයි ට්‍රම්ප් කියා සිටියේ.