
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටී සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.
ප්‍රාන්තයේ west of Parkes සිට කිලෝමීටර් 140 ක් පමණ දුර ප්‍රදේශයකයි මෙම අනතුර සිදුව තිබෙන්නේ.
හිස්ව තිබූ පිට්ටනියකටයි මෙම යානය කඩා වැටී තිබුනේ.

අනතුරෙන් මිය ගොස් තිබුනේ 48 හැවිරිදි දේශීය ගුවන් නියමුවෙක්.
අනතුරෙන් වෙනත් කිසිවකුට හානි සිදුව නැහැ.

ගුවන් යානා අනතුර සිදු වූ අවස්තාවේ, එම ප්‍රදේශයේම සිදුවූ මෝටර් රථ සොරකමක් සම්බන්ධයෙන් පොලිසිය සෝදිසි කරමින් තිබූ බවයි වාර්තා වුනේ.