
ඕස්ට්‍රේලියානුවන් මිලියන 10 කට ආසන්න සංඛ්‍යාවකට ජූලි 1 වනදා සිට supperanuation වැඩි කිරීම හිමිවනවා.
මෙම වෙනස විශ්‍රාමික ඉතුරුම් සඳහා ඩොලර් දහස් ගණනක් වැඩි කරන බවයි Super Members Council පැවසුවේ.
ඒ අනූව එදිනට විශ්‍රාම වැටුප් ඇපකර අනුපාතය සියයට 11.5 සිට සියයට 12 දක්වා ඉහළ යනු ඇති.

එමගින් අදහස් වන්නේ 2025-2026 මූල්‍ය වර්ෂය තුළ සාමාන්‍ය ඕස්ට්‍රේලියානු සේවකයෙකුට අමතර ඩොලර් 317 ක ආදායමක් ලැබෙන බව සදහන්.
මෙය තරුණ ඕස්ට්‍රේලියානුවන් සහ අඩු ආදායම්ලාභීන් සදහා විශාලතම ජයග්‍රයණයක් ලෙසයි සැලකෙන්නේ.

මෙම වැඩිවීම නිසා අවුරුදු 30ක විශ්‍රාම වැටුපක් සඳහා ඩොලර් 22,000ක අමතර ආදායමක් ලැබිය හැකි බව SMC පැවසුවා