
ඉරාන රාජ්‍ය රූපවාහිනී මධ්‍යස්ථානයට පහර දුන් බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා තහවුරු කර තිබෙනවා.
මෙම ප්‍රහාරය එල්ල වී තිබෙන්නේ නිවේදිකාවක් ප්‍රවෘත්ති ඉදිරිපත් කරමින් සිටියදී බවයි වාර්තා වුනේ.
ප්‍රහාරයෙන් පසු සුන්බුන් මැදිරිය තුළට පතිත වන අයුරු වීඩීයෝ දර්ශන මගින් විකාශය වෙමින් පවතිනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායල් බලධාරීන් ප්‍රකාශ කළේ මෙම ප්‍රහාරය එල්ල කළේ ජනතාව විශාල වශයෙන් ඉවත් වීමෙන් පසුව බවයි.
ඉරාන ඒකාධිපතියා කොතැනක සිටියත් ඔහුට පහර දෙනවා යනුවෙන් ඊශ්‍රායලය විසින් නිකුත් කල නිවේදනයේ සදහන්.

ඉස්ලාමීය ඉරාන ජනරජ ප්‍රවෘත්ති ජාලයද මෙම ප්‍රහාරය තහවුරු කර තිබෙනවා.