
Meta විසින් WhatsApp හි නිල වශයෙන් දැන්වීම් එක්කිරීමට පියවර ගෙන තිබෙනවා.
එය මුදල් ඉපැයීමේ විශාලතම නව පියවරක් ලෙසයි සැලකෙන්නේ.
ඒ අනූව අද සිට, Advertising application “Updates” තුල බලාගත හැකි වනවා

එය දිනපතා බිලියන 1.5 කට අධික පරිශීලකයින් විසින් භාවිතා කරනු ඇති බවයි සමාගම නිවේදනය කළේ.
Private Chats තුල දැන්වීම් දිස් වන්නේ නැහැ.

Meta විසින් channel සඳහා ගෙවන ලද adds හඳුන්වා දෙනු ලබනවා.
ඒ අනූව ව්‍යාපාරවලට WhatsApp තුළ ඔවුන්ගේ නාලිකා ප්‍රවර්ධනය කිරීමට අවස්තාව හිමිවන බවයි සමාගම සඳහන් කළේ.
චීනයේ WeChat වැනි මාදිලි අනුගමනය කරමින්, WhatsApp ආදායම් උත්පාදනය මට්ටමට ගෙන ඒමටයි මෙමගින් අපේක්ශා කෙරෙන්නේ.
ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග්ගේ දිගුකාලීන ඉලක්කයකට අනූවයි මෙය සිදු කර තිබෙන්නේ.
ඒ සමගම Whatsapp නවතම Features කිහිපයක් අලුතෙන් හඳුන්වා දී තිබෙන බවයි Meta සමාගම නිවේදනය කලේ.