Search

ව්‍යාජ දන්ත වෛද්‍යවරයෙක් පිලිබඳව ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

ව්‍යාජ දන්ත වෛද්‍යවරයෙක් පිලිබඳව ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය පාලන ආයතනය වන Australian Health Practitioner විසින් අනතුරු අඟවා තිබෙනවා.

මෙම වෛද්‍යවරයා අපරාධ නඩු විභාගයකට මුහුණ දී සිටින සේවය අත්හිටුවන ලද පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.

Peter Terzi හා Peter Taylor ලෙස පෙනී සිටින මෙම වෛද්‍යවරයාගේ වෘත්තීය බලපත්‍රය අත්හිටුවා නැවත ලියාපදිංචී වීමද තහනම් කර තිබෙනවා.

සෞඛ්‍ය පාලන ආයතනය සදහන් කලේ මොහු තවමත් ලියාපදිංචි වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් රෝගීන්ට ප්‍රතිකාර කරන බවයි.

මේ හේතුවෙන් රෝගීන්ට දැඩි අවදානමක්ද ඇතිවිය හැකි බව ආයතනය සදහන් කර සිටියා.

තවද ඔහුගෙන් වෛද්‍ය සේවාවක් ලබාගෙන ඇති පුද්ගලයන් සෞඛ්‍ය පාලන ආයතනය වෙත ඒ පිලිබඳව දැනුවත් කරන ලෙසද දන්වා තිබෙනවා.

ඇල්බනීස්ට තැන නොදී ට්‍රම්ප් – ඔස්ට්‍රේලියා නායකයෙකු රහසින් හමුවෙයි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඔස්ට්‍රේලියා තානාපති කෙවින් රඩ් අතර පැවති රහස් සාකච්ඡාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »