Search

ඔස්ට්‍රේලියා වීසා හිමි චීන ජාතිකයින්ට නවසීලන්තයෙන් තෑග්ගක්

VISA APPROVAL

නවසීලන්ත රජය ඕස්ට්‍රේලියාවේ සිට සංචාරය කරන චීන ජාතිකයින්ට visa waiver ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනූව ඕස්ට්‍රේලියානු Visitor, study, work or family visa වීසා බලපත්‍රයක් සමඟ ඕස්ට්‍රේලියාවේ සිට ගමන් කරන චීන සංචාරකයින්ට වීසා රහිතව නවසීලන්තට ඇතුළුවීමට අවසර හිමිවනවා.

2025 නොවැම්බර් මාසයේ සිට වලංගු වීසා බලපත්‍ර හිමිවූ පුද්ගලයින් සදහායි මෙම ප්‍රතිලාභය හිමිවන්නේ.

නවසීලන්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් මෙම තීරණය තහවුරු කර ඇති බව VisaGuide.World වාර්තා කර තිබෙනවා.

මෙය අත්හදා බැලීමක් ලෙස මාස 12 ක් ක්‍රියාත්මක වනවා.

මෙම ප්‍රතිපත්තිය ස්ථිර කරන්නේද යන්න තීරණය කරනු ලබන්නේ ඉන් අනතුරුවයි

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »

දරුණු පිළිස්සුම් තුවාල සුව කරන සුවිශේෂී ඖෂධයක්

ඇල්ගී විශේෂයක් භාවිතයෙන් දරුණු පිළිස්සුම් තුවාල සහිත රෝගීන් කඩිනමින් සුව කර ගත හැකි ප්‍රථිකාර ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා. මෙම ඇල්ගී මගින් මාංශ පේශි පටක සහ

Read More »