Search

ඔස්ට්‍රේලියාවේ කතා කරන තැපැල් පෙට්ටි

ඔස්ට්‍රේලියා පොස්ට් විසින් රට තුළ ප්‍රථම වරට කථා කරන තැපැල් පෙට්ටි ස්ථාපනය කර තිබෙනවා.

මෙම කථා කරන තැපැල් පෙට්ටි නවතම මුහුණුවරක් ගනිමින්, පැරණි ක්‍රමයට ආදරණීයයෙකුට තැපැල් පතක් යැවීමට ජනතාව දිරිමත් කරන ක්‍රමයක් බව ඔස්ට්‍රේලියා පොස්ට් සදහන් කර සිටියා.

තැපැල් පෙට්ටි තාවකාලිකව වික්ටෝරියා, කැන්බරා සහ සිඩ්නි නගරවල ස්ථාපිත කර තිබෙනවා.

“You can make a difference with a connection, ”A little hello goes a long way” , සහ “Send a note to someone special.” යන යෙදුම් භාවිතා කර තැපැල් පෙට්ටිය පුද්ගලයින් ආමන්ත්‍රණය කරනු ලබනවා.

මෙය භාවිතා කිරීමට කැමති ඕනෑම අයෙකුට ළඟම ඇති තැපැල් කාර්යාලයට ගොස් විශේෂයෙන් නිර්මාණය කරන ලද තැපැල් කාඩ්පතක් ඉල්ලා සිටිය හැකි බව ඔස්ට්‍රේලියා පෝස්ට් කියා සිටියා.

මෙම මාසයේ තැපැල්පත් මිලියන පහක් ලබා දීම සඳහා Beyond Blue සමඟ රටපුරා දියත් කරන ලද ව්‍යාපෘතියක කොටසක් ලෙස මෙය පිහිටුවා තිබෙනවා.

මෙම විශේෂ තැපැල් කාඩ්පත් ප්‍රසිද්ධ ඔස්ට්‍රේලියා චිත්‍ර ශිල්පිනි Jocelyn Proust විසින් නිර්මාණය කරන ලද්දක් වනවා.

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »

දරුණු පිළිස්සුම් තුවාල සුව කරන සුවිශේෂී ඖෂධයක්

ඇල්ගී විශේෂයක් භාවිතයෙන් දරුණු පිළිස්සුම් තුවාල සහිත රෝගීන් කඩිනමින් සුව කර ගත හැකි ප්‍රථිකාර ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා. මෙම ඇල්ගී මගින් මාංශ පේශි පටක සහ

Read More »