
Electric blankets ඇතුළු ලාභදායී විදුලි නිෂ්පාදනවල අවදානම් සහගත බව පිලිබද ශීත ඍතුවේ දී අවදානයෙන් සිටින්නැයි බලදාරීන් ඔස්ට්‍රේලියානුවන්ට දැනුම් දෙනවා.
අනතුරු ඇඟවීමේ කොටසක් ලෙස, consumer group මගින් electric blankets සඳහා එහි ශ්‍රේණිගත කිරීම්ද ආරම්භ කර තිබෙනවා.
බලධාරීන් අනතුරු අඟවන්නේ ශීත කාලය සදහා වැරදි මිලදී ගැනීමක් සිදු කලහොත් ඒ තුල මුදලට වඩා ජීවිතයක් අහිමි කළ හැකි අවදානමක් පවතින බවයි.

ශීත ඍතුවේ නිවාස ගිනි ගැනීමට වඩාත් බලපෑ හේතු අතර ලාභ හෝ දෝෂ සහිත electric blankets, හීටර් සහ විදුලි පුවරු ඇතුළත් වනවා.
ඒ අනූව consumer group මගින් මෙම මිලදී ගැනීම් සදහා හදිසි උපදෙස් නිකුත් කර තිබෙනවා.

ඔවුන් දැනුම් දෙන්නේ ගුණාත්මක නිෂ්පාදන මිලදී ගන්නා අතර අන්තර්ජාලය හරහා අලෙවි කරන ලාභ අනුකරණයන්ගෙන් ප්‍රවේශම් වන ලෙසයි.
මෙය Performance මත පමණක් නොව, එහි Safety සහ cost මත නිෂ්පාදන ශ්‍රේණිගත කර ඇති විදුලි බ්ලැන්කට් වල නවතම පරීක්ෂණයක් වනවා.