
මෙල්බර්න් සහ වික්ටෝරියා හි නගර කිහිපයක බස් රථ සේවා පැය 24 ක් පුරා නවතා තමා තිබෙනවා.
ඊට හේතුව බස් රියදුරන් දෙවන වරටත් වැඩ වර්ජනයක නිරත වීමයි.
වික්ටෝරියා CDC පොදු ප්‍රවාහන සමාගමේ රියදුරන් 600 ක් පමණ මෙම වැඩ වර්ජනයට එක් වී තිබෙනවා.

ඔවුන් පවසන්නේ මගී ජනතාව මෙන්ම බස් රියදුරන් ද ජීවින වියදම් අර්බුදයකින් පෙළෙන බවයි.
තවද උද්ධමනයට මුහුණ දීම සදහා රියදුරන්ගේ වැටුප් අවුරුදු ගනනාවක සිට වැඩි වී නොමැති බවද වර්ජනයේ නිරත රියදුරන් චෝදනා කර සිටියා.

CDC සමාගමේ සංවිධායක සෑම් ලින්ච් පැවසුවේ සියලු රියදුරන් තම වෘත්තියට ආදරය කරන අතර විරෝධතාවයකට යොමු වීමද පහසු නොවූ බවයි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඉල්ලිම් පිලිබඳව සාකච්ඡා කිරීම සදහා රියදුරන් සූදානම්ව සිටින බවත් සාධාරණ විසදුමක් නොලැබුනහොත් තවත් විරෝධතාද ක්‍රියාත්මකකරන බවයි.