Search

ඊශ්‍රායලයෙන් සහ ඉරානයෙන් පිටවීමට ඔස්ට්‍රේලියානුවන් සිය ගණනක් උදව් ඉල්ලයි

ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුම් උත්සන්න වීමත් සමග ඔස්ට්‍රේලියානුවන් සිය ගණනක් එම රටවල් වලින් පිටවීමට උදව් ඉල්ලා තිබෙනවා.

සිවිල් ගුවන් යානාවලට මිසයිල ප්‍රහාර එල්ල වීමේ අවදානම සැලකිල්ලට ගෙන ගුවන් අවකාශයන් වසා දමා ඇති නිසා ඔස්ට්‍රේලියානුවන් හට පිටවීමේ අවස්ථාව අහිමි වී ඇති බවයි වාර්තා වන්නේ.

විදේශ අමාත්‍ය පෙනී වොන්ග් පැවසුවේ ඔස්ට්‍රේලියානුවන් 300 දෙනෙකු ඊශ්‍රායලයෙන් පිටවීමට උදව් කරන ලෙස විදේශ කටයුතු සහ වෙළඳ දෙපාර්තමේන්තුවට දන්වා ඇති බවයි.

තවද ඉරානයේ සිටින ඔස්ට්‍රේලියානුවන් 350 දෙනෙකුද පිටවීමට උදව් ඉල්ලා තිබෙනවා.

මේ සංඛ්‍යාවන් ඉදිරියේදී තවදුරටත් වැඩි විය හැකි බවද ඇය සඳහන් කර සිටියා.

රජය මේ වන විට ඔස්ට්‍රේලියානුවන් ගෙන්වා ගැනීම සදහා ආරක්ෂිත සැලසුම් කිහිපයක් සකස් කරමින් සිටින බවද ඇය ප්‍රකාශ කර සිටියා.

ඇය වැඩිදුරටත් පැහැදිලි කළේ, Smartraveller වෙබ් අඩවිය හරහා ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට තමාගේ වර්ථමාන තත්ත්වයේ තොරතුරු ඇතුලත් කරමින් ලියාපදිංචි වන ලෙසයි.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »