
රජයේ නව ආරක්ෂක පියවරක් යටතේ Early Education Centres සදහා නව නීති පද්ධතියක් හදුන්වා දී තිබෙනවා.
ඒ අනුව Early Education Centres වල සිදුවන අපයෝජන සිදුවීම් හෝ දරුවන්ට සිදුකරන පහරදීම් පිලිබඳ පැමිණිලි පැය 24 ක් ඇතුලත වාර්තා කල යුතු වනවා.
තවද දරුවන්ගේ ඡායාරූප හෝ වීඩියෝ පටිගත කරන උපාංග භාවිතය පිලිබඳව පැහැදිලි රෙගුලාසි මධ්‍යස්ථානය සතුව තිබිය යුතු බව අනිවාර්ය කර තිබෙනවා.

ඡායාරූප ගැනීමේදී සහ රූගත කිරීමේදී අධ්‍යාපන අමාත්‍යංශය අනුමත කර ඇති උපාංග පමණක් භාවිතා කළ යුතු බවද නව නිර්දේශ වල සදහන්.
මීට අමතරව දරුවන්ගේ ආරක්ෂාව සහ ඔවුන් භයානක තත්ත්ව වලින් මුදවා ගැනීම සදහා නව උපදෙස් 16ක්ද නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

දරුවන්ට වඩා ආරක්ෂිත පාසල් පරිසරයක් ලබා දීම රජයෙ වගකීමක් බව අමාත්‍ය Jess Walsh කියා සිටි අතර ප්‍රාන්ත රජයන්හි අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ අනුමැතිය ලැබීමෙන් පසු මෙම නව නීති ක්‍රියාත්මක වීමට නියමිතයි.