Search

කොළඹ මහ නගරසභාවේ පුරපති ධුරය ජාතික ජනබල වේගයට

කොළඹ මහනගර සභාවේ පුරපති ධුරය ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර්ට හිමිව තිබෙනවා. 

නගරාධිපතිවරයා තේරීම වෙනුවෙන් පැවති රහස් ඡන්ද විමසීමේදී නිකුත්කළ ඡන්ද පත්‍රිකා ප්‍රමාණය 117 ක් වන අතර ඉන් වලංගු ඡන්ද සංඛ්‍යාව වූයේ 115 යි.

ඡන්ද පත්‍රිකා 2 ක් ප්‍රතික්ෂේප වී තිබෙනවා. 

ඒ අනුව ඡන්ද 61 ක් ලබාගනිමින් කොළඹ මහ නගර සභාවේ පුරපති ධුරයට ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් තේරීපත්වුණා. 

විපක්ෂය නියෝජනය කළ සමගි ජන බලවේගයේ රීසා සරුක් ලබාගත්තේ ඡන්ද 54 ක් පමණයි. 

මේ අතර නියෝජ්‍ය නගරාධිපති ධුරය හේමන්ත කුමාර මන්ත්‍රීවරයාට නිතරඟයෙන්ම හිමිවුණා. 

මෙහිදී නගරාධිපතිනිය රැස්වීම අමතමින් ඉල්ලාසිටියේ පක්ෂ භේදයකින් තොරව රට ගොඩනැගීමට සියලුදෙනා එක්වන ලෙසයි.

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන්හිදී මෝටර් රථයක් සොරකම් කළ තරුණයෙක් පොලිස් සුනඛයෙකු විසින් සපා කයි.

මෝටර් රථයක් සොරකම් කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් යෞවනයෙකු පොලිස් සුනඛයෙකු විසින් සපාකෑමේ සිද්ධියක් වාර්තා වනවා.

Read More »