
වික්ටෝරියා ප්‍රාන්තයේ එන්නත් ලබාගැනීම සඳහා ලියාපදිංචි වීමේ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැර ඇත්තේ අත්වැරදීමකින් බව හෙළිවෙයි.
පසුගිය සෙනසුරාදා රාත්‍රියේ අත්හදා බලමින් සිටින අතරතුර එය Online වී ඇති අතර සැළකිය යුතු පිරිසක් එන්නත ලබාගැනීම සඳහා ලියාපදිංචි වී ඇති බවද වාර්තා වෙයි.
කෙසේවෙතත් වික්ටෝරියා සෞඛ්‍ය අංශ එම අත්වැරදීම ක්ෂණිකව නිවැරදි කර තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ එන්නත ලබාගැනීම සඳහා ලියාපදිංචි වීමට තවමත් ඇති එකම ක්‍රමය නම් 1800 675 398 දුරකථන අංකය ඔස්සේ ලියාපදිංචි වීමයි.
නොඑසේනම් එන්නත් මධ්‍යස්ථානයකට ගොස් වුවද පෝලිමේ රැඳී සිට එන්නත ලබාගත හැකිය.
