
EOFY online සාප්පු සවාරි ඔස්ට්‍රේලියාවේ සීඝ්‍රයෙන් ජනප්‍රියවීමත් සමග එහි පාරිභෝගිකයින් සයිබර් අපරාධකරුවන්ගේ ඉලක්කවී ඇති බවට වික්ටෝරියා පොලීසිය නිවේදනය කරනවා.
වංචාකරුවන් online ගැණුම්කරුවන්ගේ ක්‍රෙඩිට් කාඩ් විස්තර සහ පුද්ගලික තොරතුරුවල ව්‍යාජ ලෙස දත්ත රැස්කරමින් සිටින බවයි වික්ටෝරියා පොලීසිය අනතුරු අඟවන්නේ.
නවීන වංචාකරුවන්ට නීත්‍යානුකූල ‘යවන්නාගේ හැඳුනුම්පත්’ වලින්ම ඔබට කෙටි පණිවිඩ එවිය හැකියි.

එමෙන්ම ඇතැම්විට ඒවා සැබෑ පණිවිඩ මෙන් පවතින අතර හඳුනා ගැනීමට ඉතා අපහසුවනවා.
ඒ අනුව සැකසහිත links විවෘත කිරීමෙන්, සැක සහිත පණිවිඩවලට පිළිතුරු දීමෙන් වැළකීසිටින ලෙසද පොලීසිය ඉල්ලා සිටියා.

සැමවිටම URL එක නීත්‍යානුකූල දැයි පරීක්ෂා කරන ලෙසයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
නැතහොත් සැකසහිත links විවෘත කිරීම වෙනුවට අදාල සේවාවේ නිළ වෙබ් අඩවියට පිවිස තොරතුරු ලබාගන්නැයි ඔවුන් අවධාරණය කළා.