
ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල්වල එළවළු රාක්කයට නවමු වෙනස්කමක් සිදුකරමින් තක්කාලි ගෙඩියේ වර්ණය වම්බටුවල පැහැයට සමාන කිරීමට එක්සත් රාජධානියට හැකිවී තිබෙනවා.
මෙම ශාකය එක්සත් රාජධානියේ ස්වාධීන රසායනාගාරයක් වන John Innes මධ්‍යස්ථානයේ කැතී මාටින් විසින් සංවර්ධනය කරන ලැබූවක්.
වසර 18 ක සංවර්ධනයෙන් පසු නිෂ්පාදනය එක්සත් ජනපදයේ වගා කර විකිණීමට අනුමත කර තිබෙනවා.

ස්නැප්ඩ්‍රැගන් මලෙහි ජාන ඇතුළත් කර තක්කාලිවල පැහැය වෙනස්කර ඇති බවයි එක්සත් ජනපදයේ පාදක වූ මෙම ශාකය අලෙවි කරන Norfolk Healthy Produce හි ප්‍රධාන විධායක නිලධාරි Nathan Pumplin පැවසුවේ.
තක්කාලි වලට snapdragon ජාන දෙකක් එකතු කර එමඟින් anthocyanins ප්‍රතිඔක්සිකාරක පන්තියක් සෑදීමට ඉඩ සලසමින් එහි පෝෂ්‍ය පදාර්ථ දම් පැහැයෙන් නිර්මාණය කර අති බව සඳහන්.

එමගින් සෞඛ්‍ය ප්‍රතිලාභ සමඟ මෙම ජාන වෙනස්කම සිදුකර ඇතැයි ඔහු කියාසිටියා.
“ඒවා බ්ලූබෙරි , බ්ලැක්බෙරි, වම්බටුවල ඇති දම් පැහැයට තක්කාලි පත්කරනු ඇති බවයි ආචාර්ය පම්ප්ලින් වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර ආචාර්ය පම්ප්ලින් පැවසුවේ පසුගිය වසරේ සමාගම සිල්ලර වෙළඳසැල්වල පලතුරු පන්නෙට් 100,000 කට වඩා සහ ගෙවතු වගාකරුවන්ට බීජ පැකට් 13,000 ක් අලෙවි කළ බවයි.