
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පිරිමි ක්‍රිකට් ආකෘතීන් තුනටම එනම් ටෙස්ට්, එක්දින සහ විස්සයි20 සඳහා බලපාන නීතිවල වෙනස්කම් මාලාවක් හඳුන්වා දී තිබෙනවා.
එහිදී සිදුවූ ප්‍රධාන වෙනස්කමක් වන්නේ වර්තමානයේ, පළමු ඕවර 25 සඳහා නව බෝලයක් භාවිතා කිරීම, නව රීතිය යටතේ, බෝල දෙකම 34 වන ඕවරය දක්වා භාවිතා කරනු ලැබෙනවා.
35 වන ඕවරයේ සිට, කණ්ඩායම් ඉනිම අවසන් වන තෙක් දිගටම බෝල දෙකෙන් එකක් තෝරා ගත යුතු බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසන්නේ.

එමෙන්ම ටෙස්ට් සඳහා ජුනි 17 වන දින සිට, එක්දින තරඟ සඳහා ජූලි 2 වන දින සහ T20 සඳහා ජූලි 10 වන දින සිට, කණ්ඩායම් කාසියේ වාසියට පෙර නිශ්චිත ආදේශක පහක් නම් කිරීමට අවශ්‍ය වනු ඇති.
එනම් පිතිකරුවෙකු, වේග පන්දු යවන්නෙකු, දඟ පන්දු යවන්නෙකු, කඩුලු රකින්නෙකු සහ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ඇතුළත් විය යුතුයි.

මීට පෙර, කණ්ඩායම්වලට පූර්ව නිවේදනයකින් තොරව තරඟය අතරතුර ආදේශක තෝරා ගත හැකි නමුත් නව නීතිය යටතේ එසේ සිදුකළ නොහකි බවයි ක්‍රිකට් කවුන්සිලය කියාසිටියේ.
පසුගියදා ‘බනී හොප්’ උඩපන්දු නීති විරෝධී ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
මෙයින් අදහස් කරන්නේ පන්දු රකින්නෙකු සීමාවෙන් පිටත සිට පැන ක්‍රීඩා පිටියට ස්පර්ශ නොකර ගුවනේ මැදදී පන්දුව අල්ලා ගැනීම හෝ හරවා යැවීමයි.
ඒ අනුව නව නීති යටතේ පන්දු රකින්නා පිටියේ බිම සිටියදී පන්දුව සමඟ මූලික ස්පර්ශයක් සිදු නොකළහොත් එවැනි උඩපන්දු අවලංගු වන බවයි සැලකෙන්නේ.
මෙම රීතියද ලබන සතියේ සිට ICC ක්‍රීඩා තරඟ තුළ බලාත්මක කරනු ඇති.
නමුත් එය 2026 ඔක්තෝබර් මාසයේදී නීතියක් බවට පත්කිරීමට නියමිත බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ.