Search

ඔස්ට්‍රේලියාවේ විශේෂඥ වෛද්‍යවරුන් හමුවීමේ ගාස්තු ඉහළට

නව විශ්ලේෂණයකට අනුව ඔස්ට්‍රේලියානුවන්ට විශේෂඥ වෛද්‍යවරුන් හමුවූවීම සදහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බව අනාවරණය වී තිබෙනවා.

ඔස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු විශේෂඥ වෛද්‍යවරුන් හමුවීම සඳහා සෑම වසරකම ඩොලර් 600 කට අධික මුදලක් වැය කරන බවයි එහි සදහන් වන්නේ.

Grattan Institute විසින් නිකුත් කළ නව වාර්තාවකට අනුව අධික ගාස්තු අය කරන විශේෂඥයන්ට Medicare වට්ටම් නවතා දැමීමද මෙයට හේතු වූ බවයි වාර්තා වන්නේ.

වයස්ගත ජනගහනය වැඩි වීමත් දිගුකාලීන රෝග වැඩිවීමත් විශේෂඥ සේවාවන්ට ඇති ඉල්ලුම වැඩි වීමට හේතුවන බවයි Grattan Institute හි සෞඛ්‍ය වැඩසටහන් අධ්‍යක්ෂ Peter Breadon කියා සිටියේ.

විශේෂඥ සේවාවන්ට වැය කල යුතු මුදල ඩොලර් 45 සිට ඩොලර් 75 දක්වා 73%කින් ඉහළ ගොස් ඇති වබ ඔහු වැඩි දුරටත් සදහන් කර සිටියා.

රජයේ වියදම්වලින් ඩොලර් මිලියන 300 කට වඩා වැඩි ප්‍රමාණයක් වෛද්‍යවරුන්ගේ පුහුණු අවස්ථා වැඩි කිරීමට සහ සුදුසුකම් ලත් වෛද්‍යවරුන් වඩාත් අවශ්‍ය ක්ෂේත්‍ර වෙත යොමුකල හැකි බවද ඔහු ප්‍රකාශකර සිටියා.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »