
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පාසලක ගැහැනු ළමුන්ගේ නිරුවත් වීඩියෝ AI ඔස්සේ ව්‍යාජ ලෙස නිර්මාණය කර සිසුවෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.
ඔහු මෙම රූප Snapchat ඔස්සේ වෙනත් සිසුන්ටද යවා ඇති බවයි පසුව අනාවරණය වී ඇත්තේ.
වයස අවුරුදු 15ක් වූ මෙම සිසුවා සමාජ ජාලා ගිණුම්වලින් ලබාගත් ඡායාරූප AI මඟින් නිරුවත් ලෙස වෙනස් කර තිබෙනවා.

මින් පෙරද මෙම සිසුවාට මෙවැනි චෝදනා එල්ල වී බවද වාර්තා වනවා .
එහෙත් ඔහුව පාසලෙන් ඉවත් කිරීම වෙනුවට විදුහලේ ගුරුවරුන් දුරකථන වලින් එම රූප delete කරන ලෙස පමණක් දන්වා තිබෙන බවයි දෙමව්පියන් චෝදනා කර සිටියේ.

මේ හේතුවෙන් දෙමාපියන් කියා සිටියේ පාසල තම දරුවන්ට ආරක්ෂාකාරී ස්ථානයක් නොවන බවයි.
තවද පාසල මේ පිලිබඳව පොලීසිය දැනුවත් කිරීමට ප්‍රමාද වීමෙන් මූලික සාක්ෂි අතුරුදන් වීමට ඉඩ ඇතිවන බවද දෙමාපියන් චෝදනා කර සිටියා.