
ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා.
ඔවුන්ගේ වාර්තා අතර ඔස්ට්‍රේලියානු පවුලක් ඉදිරියේදී තමාට ගෙවීමට නියමිත විදුලිබිල පුරෝකථනය කර ඇති අකාරය සදහන් වනවා.
එහි දැක්වෙන පරිදි එම පවුල පෙරදී කාර්තුවකට ඩොලර් 600 ත් 700 ත් අතර මුදලක් ගෙවා ඇති අතර මෙවර එය ඩොලර් 1,200 ක් පමණ වේ යැයි පුරෝකථනය කර තිබෙනවා.

ඔවුන් මීට පෙර කිලෝවොට් පැය 22.4 ක විදුලියක් භාවිතා කර ඇති අතර ජුනි මාසයේ එය කිලෝවොට් පැය 44.2 ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ජූලි මස පළමුවන දින සිට විදුලිබිල වැඩි වීමත් සමඟ එම පවුලට මාසිකව ඇති විශාලතම වියදම විදුලි බිල බව ඔවුන් කියා සිටියා.

විදුලි බිල් ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලශක්ති වෙළඳපොළෙන් විදුලිය මිලදී ගැනීම සඳහා සිල්ලර වෙළෙන්දන් ගෙවන මිල සහ විදුලිය ප්‍රවාහනය කිරීමේ පිරිවැය වැඩි වීම බව Finder වැඩි දුරටත් කියා සිටියා.
තවද ශීත ඍතුවේ දී හීටර් භාවිතා කරන්නේ නම් මෙම පුරෝකථනය කල විදුලි බිල තවත් වැඩිවෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහුන් ප්‍රකාශ කර සිටියා.
මිලියන ගණනක් ඔස්ට්‍රේලියානුවන්ට ඉහළ විදුලි බිල්පත් සඳහා සූදානම් වන ලෙසද ඔවුන් අනතුරු අඟවා තිබෙනවා.