
ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.
බැටරි තාක්ෂණයේ වැඩිදියුණු කළද second-hand ගැණුම්කරුවන් EV මිලදී ගැනීමේදී මේ සම්බන්ධයෙන් සැලකිය යුතු අවධානයක් යොමුකරනු ඇති.
ඒ අනුව Polestar Australia නම් EV සන්නාමයේ කළමනාකාර අධ්‍යක්ෂ ස්කොට් මේනාඩ්, බැටරි සෞඛ්‍යය පිළිබඳ ගැටළුවලට විසඳුමක් ලබාදී තිබෙනවා.

එනම් සහතික කළ නිෂ්පාදක ජාලයක් හරහා භාවිතා කළ EV එකක් මිලදී ගැනීම සඳහා සවිස්තරාත්මක බැටරි ‘වාර්තා කාඩ්පතක්’ ලබාදීමයි.
සමාගම පවසන්නේ එමගින් second-hand ගැණුම්කරුවන්ට තම වාහනය පිළිබඳ විශ්වාසය ගොඩනැගීමට හැකි බවයි.

EV සමාගම් කළ යුත්තේ බැටරි තාක්‍ෂණය සහ අලුත්වැඩියා කිරීමේ හැකියාව පිළිබඳ රක්ෂණ අංශ සම්බන්ධ කර ගැනීම බව Polestar Australia කළමනාකාර අධ්‍යක්ෂවරයා කියාසිටියා.
තවද විද්‍යුත් වාහනයක් මිලදී ගැනීමෙන් ධාවන පිරිවැය ඉතිරිවනවා මෙන්ම නඩත්තු කිරීමද ලාභදායී වනු ඇති.
විශේෂයෙන් සූර්ය පැනල මගින් චාජ් කිරීමට හැකි බැවින් අමතර විදුලි වියදමක් නොමැතිව EV නඩත්තු කිරීමට පහසු වන බවයි කළමණාකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ.