Search

Powerball ලොතරැයියේ වාසනාවන්තයා තවමත් අතුරුදහන්

 

 

ඕස්ට්‍රේලියාවේ Powerball $ මිලියන 100 ක ජයග්‍රාහකයා තවමත් තහවුරු වී නොමැති බව වාර්තා වනවා.

දිනුම් ඇදීමෙන් පැය 24 කට වැඩි කාලයක් ගතවී ඇතත් වාසනාවන්තයා තවමත් සොයාගෙන නැහැ.

ඔක්ස්ෆර්ඩ් වීදියේ [Oxford Street] බොන්ඩි මංසන්ධියේ [Bondi Junction] පිහිටි Newsagency & Internet Café ස්ථානයෙන් මිලදී ගත් ටිකට් පතකට මෙම දිනුම හිමිවී තිබුණා.

එහෙත් ටිකට් පතට සම්බන්ධ ලියාපදිංචි විස්තර නොමැතිවීම හේතුවෙන් The Lott හට තවමත් ජයග්‍රාහකයා සම්බන්ධ කර ගැනීමට නොහැකි වී තිබෙනවා.

නිලධාරීන් සිඩ්නි හි නැගෙනහිර ජනතාවට උපදෙස් දී ඇත්තේ තම ටිකට්පත් වහාම පරීක්ෂා කරන ලෙසයි.

ජුනි 12 වන බ්‍රහස්පතින්දා දිනුම් ඇදුණු ජයග්‍රාහී අංක වන්නේ 28, 10, 3, 16, 31, 14 සහ 21  වන අතර පවර්බෝල් අංකය 6 යි.‍

මේ අතර ජයග්‍රාහී ටිකට්පත විකිණූ කාර්ය මණ්ඩල සාමාජිකයාට ද ත්‍යාග පිරිනැමීමට නියමිතයි.

 

ඇල්බනීස්ට මුල්තැන නොදී ට්‍රම්ප් – ඔස්ට්‍රේලියා නායකයෙකු අතර රහස් සාකච්ඡාවක්

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඔස්ට්‍රේලියා තානාපති කෙවින් රඩ් අතර පැවති රහස් සාකච්ඡාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »