
Melbourne නගරයේ ජනප්‍රිය බේකරි 3 ක කාර්ය මණ්ඩලයට විශ්‍රාම වැටුප් සහ නිවාඩු හිමිකම් ගෙවා නොමැති බව වාර්තා වනවා.
Northcote, Ivanhoe East සහ Thornbury ප්‍රදේශවල ක්‍රියාත්මක වු All Are Welcome සමාගමට අයත් බේකරි ශාඛා තුනක් පසුගියදා වසා දැමු අතර ඒ්වායේ පුද්ගලයින් 61 දෙනෙකු පමණ සේවය කර තිබෙනවා.
සේවකයින්ට $ 243,000ක විශ්‍රාම වැටුප් (superannuation) සහ $ 125,000ක නිවාඩු හිමිකම් (leave entitlements) ගෙවිය යුතුව තිබුණා.

මෙම වසර මුලදී සමාගම ස්වේච්ඡා පරිපාලනයට පිවිසියේ $ මිලියනයකට වඩා වැඩි ණය බරක් සමඟයි.
එහෙත් සමාගමේ අධ්‍යක්ෂ බොරිස් පෝට්නෝයි [Boris Portnoy] පසුව ව්‍යාපාරය වෙනත් ආයතනයක් යටතේ නැවත මිලදී ගෙන තිබුණා.

අධ්‍යක්ෂවරයා පවසන්නේ බේකරි වසා දැමීම හේතුවෙන් ඇතිවන හානිය අවම කර ගැනීමට උත්සාහ කරන බවයි.
සේවකයන්ගේ හිමිකම් සම්බන්ධ ගැටලුව පිළිබඳ වගකීම භාර ගන්නා බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.