Search

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.

Northern Territory ප්‍රාන්තයේ සංචාරක ආකර්ෂණයක් දිනා ඇති Cahills Crossing හි ගංගාවේ මිරිදිය කිඹුල් ගහණයක් පවතින බවට අනතුරු ඇඟවීම් පුවරු ද පවතිනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කිඹුලන් පිළිබඳ ප්‍රජා නියෝජනයේ (CROC) සම-නිර්මාතෘ මැට් කෝනිෂ් පැවසුවේ Cahills Crossing යනු ඉහළ අවදානම් සහිත කිඹුල් ස්ථානයක් වන අතර එහිදී මිනිසුන් අතිශයින්ම සුපරීක්ෂාකාරී විය යුතු බවයි.

පසුගිය දශක කිහිපය තුළ කිඹුල් ප්‍රහාරවලින් පුද්ගලයින් කිහිප දෙනෙකු එහිදී ජීවිතක්ෂයට පත්වුණා.

Wildlife Unleashed හි බලපත්‍රලාභී උරග හසුරුවන්නෙකු වන මික් බෙන්ඩර් පවසන්නේ කිඹුලන් ඉතා වේගයෙන් ගමන් කරන බැවින් මිනිසුන්ට ඉවත් වීමට තරම් වේගයෙන් ප්‍රතිචාර දැක්විය නොහැකි බවයි.

ඉවුරක සිටින ඕනෑම කෙනෙකු අහසට පැන ඩැහැ ගැනීමට කිඹුලන්ට හැකි බව සංචාරකයින් මතක තබා ගත යුතු බවයි මික් අනතුරු අඟවා සිටියේ.

එමෙන්ම කිඹුලෙකුගෙන් අනතුරු ඇඟවීමක් නොමැති බව මිනිසුන්ට වටහා ගත යුතු අතර ඔවුන් සැඟවී සිට පහර දෙන විලෝපිකයෙකු බව මික් වැඩිදුරටත් සඳහන් කළා.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »