Search

සහස්‍රයේ සාන්තුවරයා ලෙස නම් කළ 15 හැවිරිදි දරුවා

 

 

ලොව පළමු සහස්‍ර සාන්තුවරයා (millennial saint) පත් කිරීමට වතිකානුව සුදානම් වනවා.

15 හැවිරිදි ඉතාලියේ යෞවනයෙකු වූ කාර්ලෝ අකුටිස් (Carlo Acutis) මේ සදහා නම් කර තිබෙනවා.

ඔහුගේ ශුද්ධීකරණය (canonisation) සැප්තැම්බර් 7 වන දින වතිකානුවේ ශාන්ත පීතර චතුරශ්‍රයේදී (St Peter’s Square) පැවැත්වෙන බව XIV වන ලියෝ පාප් වහන්සේ විසින් නිවේදනය කර ඇතැයි සඳහන්.

කාර්ලෝ අකුටිස් (Carlo Acutis) 2006 වසරේ දී, වයස අවුරුදු 15 දී ලියුකේමියා රෝගයෙන් (leukaemia) මිය ගියා.

ඔහුගේ කෙටි ජීවිත කාලය තුළ ප්‍රාතිහාර්යයන් පිළිබඳ වාර්තා ලේඛනගත කරන වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට සමත් වී තිබෙනවා.

දෙවියන්ගේ බලපෑම්කරු [God’s influencer] ලෙස ද හැඳින්වෙන මෙම යෞවනයා තරුණ පරපුර අතර ආකර්ෂණීය චරිතයක් වනවා.

අකුටිස්ගේ (Acutis) ශාන්තුවරය අප්‍රේල් 27 වන දිනට සැලසුම් කර තිබූ අතර ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු එය කල් දමනු ලැබුවා.

සැප්තැම්බර් 7 වනදා පැවැත්වෙන උත්සවය ලියෝ පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පළමු ශාන්තුවරයට පත් කිරීමේ උත්සවය වනු ඇති.

 

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »

දරුණු පිළිස්සුම් තුවාල සුව කරන සුවිශේෂී ඖෂධයක්

ඇල්ගී විශේෂයක් භාවිතයෙන් දරුණු පිළිස්සුම් තුවාල සහිත රෝගීන් කඩිනමින් සුව කර ගත හැකි ප්‍රථිකාර ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා. මෙම ඇල්ගී මගින් මාංශ පේශි පටක සහ

Read More »