Search

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

2024 දී ප්‍රාන්ත රජය ඩොලර් 60 ක ගාස්තු සීමාවක් හඳුන්වා දුන් අතර එමඟින් ඔවුන්ට සතියකට ඩොලර් 340 ක් දක්වා වට්ටම් ලබා ගත හැකියි.

මෙම යෝජනා ක්‍රමය හරහා බටහිර සිඩ්නි තදාසන්න ප්‍රදේශවල ඩොලර් මිලියන 139 කට වඩා බෙදා හැර ඇති බවයි රජය පවසන්නේ.

2024 ජනවාරි පළමු වන දින සිට 2025 මාර්තු කාර්තුව අවසානය දක්වා රැස් කරගත් තවත් ඩොලර් මිලියන 130 ක් තවමත් ඉල්ලා නොමැති බවයි ප්‍රවාහන අමාත්‍ය ජෝන් ග්‍රැහැම් පැවසුවේ.

ඒ අනුව 2024 වර්ෂය සඳහා ගාස්තු සහන ඉල්ලා සිටීමට මෝටර් රථ හිමියන්ට ජුනි 30 වන දින දක්වා කාලය ලබාදී තිබෙනවා.

මේ අතර දෙවන කාර්තුව සඳහා ගාස්තු සහන හිමිකම් ජූලි 9 වන දින විවෘත වන අතර, ගාස්තු සහනය 2025 වර්ෂයේ සිට ලබන වසරේ ජුනි 30 දක්වා ලබා ගත හැකියි.

පාරිභෝගික සේවා සහ ඩිජිටල් රාජ්‍ය අමාත්‍ය ජිහාඩ් ඩිබ් පැවසුවේ හිමිකම් ක්‍රියාවලිය online හෝ NSW මධ්‍යස්ථානයකදී සම්පූර්ණ කළ හැකි බවයි.

ඇල්බනීස්ට මුල්තැන නොදී ට්‍රම්ප් – ඔස්ට්‍රේලියා නායකයෙකු අතර රහස් සාකච්ඡාවක්

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඔස්ට්‍රේලියා තානාපති කෙවින් රඩ් අතර පැවති රහස් සාකච්ඡාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »