
පසුගියදා ලෝඩ්ස්හිදී පැවති තීරණාත්මක තරඟයකදී ඔස්ට්‍රේලියා දක්ෂ මැද පෙළ පිතිකරු ස්ටීව් ස්මිත්ගේ දකුණු කුඩා ඇඟිල්ලේ ආබාධයක් සිදුවුණා.
ඒ ස්මිත් දෙසට ආ උඩ පන්දුවක් රැකගැනීමට උත්සහ කරන අවස්ථාවේදීයි.
කෙසේවෙතත් ස්ටීව් ස්මිත් එම ආබාධය සඳහා වන ශල්‍ය කර්මයකට පෙනීසිටීම වැළකී සිටිනවා.

පවතින තත්වය මත බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ඔස්ට්‍රේලියාවේ පළමු ටෙස්ට් තරඟය ඔහුට අහිමි වනු ඇති බවයි මේ වනවිට අනාවරණය වී ඇත්තේ.
ජූනි 25 වන දින Caribbean දූපත්වල Barbados හිදී ආරම්භ වීමට නියමිත තරඟ 3 කින් යුත් තරඟාවලිය සඳහා ස්මිත්ගේ පැමිණීම තවමත් සැකසහිත බවයි විචාරකයින් පවසන්නේ.

ඊයේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟයේදී ඔස්ට්‍රේලියාව පරාජයට පත්වුණා.
එහිදී බටහිර ඉන්දීය කොදෙව් තරඟය පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔස්ට්‍රේලියා නායක පැට් කමින්ස් පැවසුවේ කළ නොහැක්කක් නොමැති නමුත් එම තරඟය පිළිබඳ පැවසීමට තවමත් කල් වැඩි බවයි.
ශ්‍රේෂ්ඨතම red-ball පිතිකරුවකු වන ස්මිත්, ඔහුගේ පසුගිය ටෙස්ට් තරග හය තුළ ශතක හතරක් ලබා ගැනීමෙන් පසු ඔහුගේ මෙවර නොපැමිණීම ඔස්ට්‍රේලියා කණ්ඩායමට විශාල පහරක් වනු ඇති.