
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග පළමු face-to-face සාකච්ඡාව පිළිබඳ අගමැති ඇන්තනී ඇල්බනීස් තහවුරු කර තිබෙනවා.
කැනඩාවේ පැවැත්වෙන G7 සමුළුවට සමගාමීව නායකයින් බදාදා හමුවනු ඇති බවයි ඔහු නිවේදනය කරන්නේ.
G7 සඳහා කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය මෙන්ම යුරෝපීය සංගමය ද එක් වනු ඇති.

සංචාරයක නිරතව සිටින ඇල්බනීස් අද උදෑසන ඇමසන් හි සියැටල් මූලස්ථානය වන The Spheres හි සිට පැවසුවේ එක්සත් ජනපද ජනාධිපතිවරයා සමඟ ඵලදායී සබඳතාවයක් ගොඩනැගීමට බලාපොරොත්තු වන බවයි.
මේ අතර සියටැල් සාකච්ඡාවේදී වික්ටෝරියා සහ සිඩ්නි ඉලක්ක කර ගනිමින් AI වැඩිදියුණු කිරීම සඳහා අරමුදල් සැපයීමටද යෝජනා වී තිබෙනවා.
