Search

ආත්මාරක්ෂාව වෙනුවෙන් නීත්‍යානුකූල වූ ගම්මිරිස් ආරක්ෂකයා

ලබන සැප්තැම්බර් මාසයේ සිට Northern Territory හි ආත්මාරක්ෂාව වෙනුවෙන් Oleoresin capsicum (OC) spray නැතහොත් ගම්මිරිස් Spray කිරීම නීත්‍යානුකූල කර තිබෙනවා.

අත්හදා බැලීම් කිහිපයකින් අනතුරුවයි ප්‍රාන්ත රජය විසින් මෙම නිවේදනය නිකුත්කර ඇත්තේ.

Bondi Junction හි සිදුවූ පිහි ඇනුම් ප්‍රහාරයේ සිට Jayde Howard වැනි ක්‍රියාකාරීන් විසින් මෙය නීතිගත කරන ලෙස රජයට බලකර සිටියා.

ඇය පවසන්නේ කාන්තාවන්ට තම ආරක්ෂාව වෙනුවෙන් ගම්මිරිස් Spray භාවිතයට හෝ නීත්‍යානුකූලව ඉඩදිය යුතු බවයි.

මෙම OC Spray එක කාන්තාවන්ට පමණක නොව තමන්ව ම ආරක්ෂා කරගත නොහැකි ආබාධිත පුද්ගලයින්ටද වැදගත් වන බව ඇය තවදුරටත් කියාසිටියා.

එමෙන්ම ලිංගිත අතවරවලට ගොදුරු වූ LGBT ප්‍රජාවටද මෙය වැදගත් වනු ඇති.

මේ අතර සැප්තැම්බර් මස පැවැත්වෙන හොවාර්ඩ් නඩු විභාගයේදී මෙම Spray එක ප්‍රජා ආරක්ෂාවට බලපාන ආකාරය පිළිබඳ තීරණාත්මක තීන්දු රැසක් ගැනීමට නියමිතයි.

එහිදී ගනු ලබන නිර්දේශ අතරට අපරාධ ඉතිහාස නොමැති වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයින්ට පමණක් OC Spray එක මිලදී ගැනීමට හා රැගෙනයාමට සුදුසුකම් ලබනු ඇති.

එය මිලදී ගැනීමට හැක්කේ බලපත්‍රලාභී ගිනි අවි අලෙවිකරුවන්ගෙන් පමණයි.

මේ අතර බටහිර ඕස්ට්‍රේලියාවේ මේ වනවිටත්  OC Spray එක ස්වයං ආරක්ෂාව සඳහා නීත්‍යානුකූළ වන අතර ඔවුන්ගේ අත්දැකීම් මෙහිදී සලකා බලන බවයි Northern Territory හි මහ ඇමති ලියා ෆිනොචියාරෝ පැවසුවේ.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »