Search

ටෙස්ට් ලෝක ශූරතාව දකුණු අප්‍රිකාවට

ටෙස්ට් ලෝක ශූරතාව දකුණු අප්‍රිකාවට විසින් හිමිකර ගනු ලැබුවා.

ඒ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරගයෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 5කින් පරාජය කරමින්.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායමටහිමි වූ ඉලක්කය ලකුණු 282ක්.

ඒ අනූව කඩුලු 5ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යෑමට දකුණු අප්‍රිකාව සමත් වුනා.

තරගයේ 4වන දිනය වූ අද තරගය ආරම්භ කරන විට දකුණු අප්‍රිකාව කඩුලු 2ක් දැවී ලකුණු 213ක් රැස්කරගෙන තිබුනා.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් ඒඩියන් මාක්‍රම් පන්දු 207කට මුහුණ දෙමින් ලකුණු 136ක් රැස්කරගෙන සිටියදී දැවී ගියා.

නායකත්යේ ඉනිමක් ක්‍රීඩාකළ බවුමා ලකුණු 66ක් රැස්කරගෙන සිටියදී දැවී ගියා.

තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව සිය පළමු ඉනිමට සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 212ක් රැස්කලා.

ඊට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාවට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 138ක් පමණයි.

ලකුණු 74ක් ඉදිරියෙන් සිටිමින් දෙවන ඉනිම ඇරඹූ ඔස්ට්‍රේලියාවේ සියලු ක්‍රීඩකයින් ලකුණු 207ක් තුළ දැවී ගියා.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »