
නව R ශ්‍රේණියේ passport ගුණාත්මකභාවය පිළිබඳව ඕස්ට්‍රේලියානුවන් කනස්සල්ල පළ කරමින් සිටිනවා.
එහි මිල ඩොලර් 412 ක් වන නමුත් ප්‍රමිතිය ඉතා අඩු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
R ශ්‍රේණිය හඳුන්වා දෙනු ලැබුවේ 2022 වසරේදීයි.

වඩාත් ආරක්ෂිත සහ හානිවලට ඔරොත්තු දෙන ලෙස පාස්පෝට් පොත අලුත් කර ඇතැයි සඳහන් කළද පරිශීලකයින් පවසන්නේ සති කිහිපයක් ඇතුළත ඔවුන්ගේ නව විදේශ ගමන් බලපත්‍රය හානිවී තිබෙන බවයි.
ඔස්ට්‍රේලියානුවන් කිහිප දෙනෙකු හානි වූ පාස්පෝට් පොත්වල ඡායාරූප අන්තර්ජාලයේ පළ කර තිබෙනවා.

ලෝකයේ වඩාත්ම මිල අධික passport අතරින් එකක් වුවද, නව විදේශ ගමන් බලපත්‍රය බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් damage වන බවද ඕස්ට්‍රේලියානුවන් පවසනවා.
සෙනෙට් සභික David Pocock කියා සිටියේ ඕස්ට්‍රේලියානුවන් මෙතරම් මුදලක් ගෙවීම අසාධාරණ බවයි.
ශක්තිමත් ජාත්‍යන්තර පිළිගැනීමක් සහ රටවල් 180 කට වැඩි ගණනකට visa-free access සහිත වීම හමුවේ passport වඩාත් ප්‍රමිතියෙන් යුක්ත විය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.