Search

Powerball ජයග්‍රාහකයා Tax වලින් නිදහස්

2025 වසරේ විශාලතම Powerball ජැක්පොට් ජයග්‍රහණය එනම් ඩොලර් මිලියන100 එක් අයකු විසින් පසුගියදා හිමිකරගනු ලැබුවා.

මේ ජයග්‍රහණය සමඟ Australian Taxation Office මගින් බදු සහ ආදායම් බලපෑම් පිළිබඳව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙවැනි ලොතරැයි ජයග්‍රහණය සදහා tax-free වන අතර එයට බදු ඇතුලත් නොකළ යුතු බවයි.

එහෙත් එම මුදල් ආයෝජනයකින් ලැබෙන පොලී ආදායම බදු වලට යටත් වනවා.

උදාහරණයක් ලෙස, ජයග්‍රාහකයා සම්පූර්ණ මුදල 5%ක පොලී අනුපාතයකින් යුත් ඉතුරුම් ගිණුමක තැන්පත් කළහොත්, වසරකට $5 මිලියනයක් පමණ පොලී ආදායමක් ලැබිය හැකි වනවා.

එහිදී ලැබෙන මුදල පමණක් ආදායම් බද්ධට යටත් වනවා.

First Financial ආයතනයේ මූල්‍ය උපදේශක ජේම්ස් රිග්ලි (James Wrigley) පැවසුවේ මෙවැනි විශාල මුදලක් ජයගන්නා අය, වියදම් කිරීමට පෙර වෘත්තීය financial advisor කෙනෙකුගේ උපදෙස් ලබා ගත යුතු බවයි.

මෙවැනි ජයග්‍රහණයක් ජීවිතයම වෙනස් කළ හැකි වුවද, විශේෂඥයින් අවධාරණය කරන්නේ එය දිගුකාලීනව පවත්වා ගැනීම සදහා මැනවින් සැලසුම් කරන ආර්ථික වැඩපිළිවෙළක් අත්‍යවශ්‍ය බවයි.

ඇල්බනීස්ට තැන නොදී ට්‍රම්ප් – ඔස්ට්‍රේලියා නායකයෙකු රහසින් හමුවෙයි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඔස්ට්‍රේලියා තානාපති කෙවින් රඩ් අතර පැවති රහස් සාකච්ඡාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »