
වීසා අයදුම්කරුවන් සූරාකන වංචා සහගත නියෝජිතයින්ගෙන් ප්‍රවේශම් වන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඔවුන් බොහෝවිට ලියාපදිංචි සංක්‍රමණික නියෝජිතයින් බවට පෙනීසිටින බවයි දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ.
මෙම වංචාකරුවන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවර්ධනය කර විශාල මුදල් අයකරමින් ඔස්ට්‍රේලියාවේ වීසා ලබාදෙන බවට පුද්ගලයින් රවටනු ලබනවා.

ඔබගේ අයදුම්පත වෙනත් අයෙකු විසින් සම්පූර්ණ කර ඉදිරිපත් කළද ඔබ අයදුම් කරන වීසා බලපත්‍රයේ කොන්දේසි පරීක්ෂා කිරීම ඔබේ වගකීමක් වන බවයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ.
ඔබ වංචනික නියෝජිතයෙකු හරහා ආගමන වංචාවක නිරත වුවහොත්, ඔබට මුදල් අහිමි වීමේ අවදානමක් ඇති විය හැකි අතර වීසා බලපත්‍රය අවලංගු කිරීමට හෝ ඕස්ට්‍රේලියාවට ඇතුළුවීම ප්‍රතික්ෂේප වීම සිදුවනු ඇති.

එමෙන්ම අනාගතයේදී ඕස්ට්‍රේලියානු වීසා සඳහා නුසුදුසු වීමට, ඕස්ට්‍රේලියාවට නැවත පැමිණීම තහනම් කිරීමට, අතරමං වීමට හෝ ආපසු ගෙදර යැවීමට ඉඩ ඇති බවයි දෙපාර්තමේන්තුව පවසන්නේ.
එමෙන්ම ඕස්ට්‍රේලියානු වීසා සම්බන්ධයෙන් සහ ඕස්ට්‍රේලියාවේ සේවය කිරීමේදී සිදුවන වංචාවක් පිළිබඳව දැනුවත් නම් හෝ සැක කරන්නේ නම්, ඒ පිළිබඳව Australia’s Border Watch අංශයට වාර්තා කරන්නැයි දෙපාර්තමේන්තුව සංක්‍රමණිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.