
අනතුරුදායක මුහුදු ජීවීන්ගේ ප්‍රහාරවලින් පසු Exmouth වෙරළ තීරයේ සාමාන්‍ය කටයුතු ආරම්භ වී තිබෙනවා.
මෝරුන්, කිඹුලන් සහ ජෙලිෆිෂ් වැනි මුහුදු ජීවීන්ගෙන් සිදුවු අනතුරු කිහිපයක් පසුගිය දිනවලදී වාර්තා වුනා.
Exmouth වෙරළ තීරයේ දී ජෙලිෆිෂ් ප්‍රහාරයට ලක්වු පුද්ගලයන් දෙදෙනෙකු රෝහල්ගත කෙරුණේ පසුගිය සඳුදායි.

එහෙත් ප්‍රදේශවාසීන් සහ විශේෂඥයන් සඳහන් කරන්නේ සිද්ධි කිහිපයක් වාර්තා වුව ද එය එතරම් භයානක තත්ත්වයක් නොවන බවයි.
තල්මසුන්, මෝරුන්, සහ කැස්බෑවන් සමඟ පිහිනීම සඳහා ඔස්ට්‍රේලියාවේ Ningaloo සහ Exmouth වෙරළ තීර ජනප්‍රියව පවතිනවා.

එහෙත් පසුගිය වසර අවසානයේ සිට මුහුදු ජීවීන්ගෙන් සිදුවු ප්‍රහාර කිහිපයක් වාර්තා වුනා.
එබැවින් මෙම ජීවීන් මගින් ඇතිවිය හැකි අනතුරු පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම සඳහා ගිෆිත් [Giffith] විශ්ව විද්‍යාලය අධ්‍යයනයක් ද ආරම්භ කර තිබෙනවා.