
ඉන්දුනීසියාවේ බාලි දූපතේ සිදුවු වෙඩි තැබීමකින් ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් මියගොස් තිබෙනවා.
තවත් ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු තුවාල ලබා ඇති බවයි ප්‍රාදේශීය පොලිසිය පවසන්නේ.
වෙඩි තැබීමට හේතුව තවමත් අනාවරණය වී නැහැ.

සිද්ධිය පිළිබඳ විමර්ශන ආරම්භ වී ඇති අතර සාක්ෂිකරුවන් සොයමින් සිටින බවයි පොලිසිය සඳහන් කරන්නේ.
මේ අතර ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු සහ වෙළඳ දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ බාලි දූපත් හි වෙඩි තැබීමේ සිද්ධියේදී මියගිය සහ තුවාල ලැබු පුද්ගලයන්ගේ පවුල්වලට කොන්සියුලර් සහාය ලබා දෙන බවයි.
