
අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීසි සමඟ G7 රැස්වීමක් තවමත් තහවුරු කර නොමැති බව වාර්තා වනවා.
ජුනි 15 වනදා සිට 17 වනදා දක්වා කැනඩාවේ දී පැවැත්වීමට නියමිත G7 සමුළුව සඳහා සහභාගි වීමට අග්‍රාමාත්‍යවරයා සුදානමින් සිටිනවා.
එහිදී අග්‍රාමාත්‍යවරයා සමඟ වෙළඳ සහ ආරක්ෂක සාකච්ඡාවක් පැවැත්වීම ජනාධිපති ට්‍රම්ප් තවමත් තහවුරු කර නැහැ.

ඇන්තනී ඇල්බනීසි යළි අග්‍රාමාත්‍ය ධුරයට තේරී පත් වූ පසු සිදු කරන දෙවැනි විදේශ සංචාරය වන මෙහි සාර්ථකත්වය තීරණය වන්නේ එම හමුව හරහායි.
අග්‍රාමාත්‍යවරයාගේ දින 6ක සංචාරය පසුගිය සිකුරාදා ආරම්භ වු අතර ඔහු පළමුවෙන් ෆීජි බලා පිටත් වුනා.

එහිදී ෆීජි අග්‍රාමාත්‍ය සිටිවෙනි රබුකා [Sitiveni Rabuka] හමුවී දේශගුණික වෙනස්කම් සහ කලාපීය ආරක්ෂාව පිළිබද සාකච්ඡා කිරීමටයි නියමිතව තිබුණේ.
AI තාක්ෂණය සහ ඔස්ට්‍රේලියාව සහ එක්සත් ජනපදය එකට කටයුතු කළ හැකි ආකාරය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සියැටල් (Seattle) නගරයේදී නායකයින් සමග සාකච්ඡා කිරීමට ද නියමිතයි.