Search

වසර දෙකකදී “Afterpay” හරහා $ 19,000 ක් වැය කළ ඔස්ට්‍රේලියාවේ තරුණියක්

 

 

ඔස්ට්‍රේලියාවේ තරුණියක්, වසර දෙකක් තුළ “Afterpay” හරහා $ 19,000 ක් වැය කළ පුවතක් වාර්තා වනවා.

TikTok වීඩියෝවක් නිකුත් කරමින් ඇය පවසන්නේ තම Afterpay භාවිතය පාලනයෙන් ගිලිහී ගොස් ඇති අතර අනෙකුත් අය ද කෙතරම් මුදල් ප්‍රමාණයක් වැය කර ඇති ද යන්න විමසා බැලිය යුතු බවයි.

තම බැංකු ගණුදෙනු පිළිබඳ තොරතුරු සැලකිල්ලට ගෙන Afterpay හරහා වියදම් වු මුදල පරීක්ෂා කර බලන ලෙස ද ඇය ඉල්ලා සිටිනවා.

Afterpay යනු buy now, pay later සේවාවක් වන අතර එමඟින් සති හයක් පුරා පොලී රහිත වාරික හතරකින් මිලදී ගැනීම් සඳහා ආපසු ගෙවීමට හැකියාව ලැබෙනවා.

ඔස්ට්‍රේලියාවේ සෙසු ණය නිෂ්පාදන අතරින්, ක්‍රෙඩිට් කාඩ්පත් සහ නිවස ණය වලට පසු, තෙවැනි ප්‍රමුඛතම ණය සේවාව වන්නේ Afterpay සේවාවයි.

මේ අතර Afterpay සේවා සපයන්නන් සඳහා නව නීති මේ වනවිට ක්‍රියාත්මක අතර ඒ්වා ක්‍රෙඩිට් කාඩ්පත් මෙන් නියාමනය කර තිබෙනවා.

 

Afterpay සේවා සපයන්නන් ඔස්ට්‍රේලියානු ණය බලපත්‍රයක් ලබා ගත යුතු අතර, ASIC [Australian Securities and Investments Commission] යටතේ ඔවුන්ට පාරිභෝගිකයින්ගේ ආදායම හා වියදම් පිළිබඳ අනිවාර්ය පරීක්ෂණ සිදුකිරීමට නියෝග කෙරුණා.

පාරිභෝගිකයින්ට සිදුවන මූල්‍ය අපහසුතා අවම කිරීමේ අපේක්ෂාවෙන් මෙම නීති ක්‍රියාත්මක වනවා.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »