Search

ලොව ආරක්ෂිතම ගුවන් සමාගම ඔස්ට්‍රේලියාවේ

ලොව පුරා ගුවන් සේවා සපයන්නන් 142 ක් විශ්ලේෂණය කරමින් 42kft.com ආයතනය ලෝකයේ ආරක්ෂාවෙන් වැඩිම ගුවන් සමාගම් නම්කර තිබෙනවා.

ඉන් පළමු ස්ථානය දිනා ගැනීමට ඔස්‍ට්‍රේලියා ගුවන් සමාගමක් වන Qantas ගුවන් සමාගම සමත් වී තිබෙනවා.

එහි නියමුවන් විශිෂ්ට පුහුණුවක් ලත්, වඩාත්ම විනයගරුක සහ වඩාත්ම වෘත්තීයමය නියමුවන් වන බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.

එහි ප්‍රධාන සංස්කාරක Geoffrey Thomas කියා සිටියේ Qantas ගුවන් සමාගමේ ආරක්ෂක පද්ධති විශිෂ්ට ඒවා වන බවයි.

පසුගිය වසර 60 තුළ Qantas ගුවන් සේවය තම ආරක්ෂක පද්ධති සැම විටම නවීකරණය කල ඇති බවද ඔහු සදහන් කර සිටියා.

එම පර්යේෂණය අනුව දෙවැනි ආරක්ෂිතම ගුවන් සමාගම Qatar Airways ලෙසයි නම් කර ඇත්තේ.

එහි තුන්වන, හතරවන සහ පස්වන ස්ථාන පිළිවෙලින් Air New Zealand, Cathay Pacific Airways සහ Emirates යන සමාගම් හිමිකරගනු ලැබුවා.

Virgin Australia ගුවන් සමාගම හය වන ස්ථානය හිමිකරගත් අතර ඔස්ට්‍රේලියාවේ ගුවන් සමාගම් දෙකක් ආරක්ෂාවෙන් වැඩිම සමාගම් ලෙස නම් වීම විශේෂත්වයක් වනවා.

ඇල්බනීස්ට මුල්තැන නොදී ට්‍රම්ප් – ඔස්ට්‍රේලියා නායකයෙකු අතර රහස් සාකච්ඡාවක්

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඔස්ට්‍රේලියා තානාපති කෙවින් රඩ් අතර පැවති රහස් සාකච්ඡාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »