
ඔස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ ස්ථානවලට සිදුවන පිහි ඇණුම් සිද්ධි මෙන්ම පිහි ලඟතබා ගන්නා පුද්ගලයින් සම්බන්ධයෙන් දිනෙන් දින වාර්තාවන සිදුවීම්වල වර්ධනයක් දක්නට ලැබෙනවා.
ඒ හේතුවෙන් සෑම ඕස්ට්‍රේලියානු අධිකරණ බල ප්‍රදේශයකම නීත්‍යානුකූල හේතුවක් නොමැතිව පිහි රැගෙන යාම තහනම් කිරීමේ නීති දැඩි කිරීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.
ආත්මාරක්ෂාව සඳහා පිහි රැගෙන යාම නිදහසට කරුණක් ලෙස නීතිය නොපිළිගන්නා බව නීතීඥ අවිනාශ් සිං මාධ්‍යයකට පවසා තිබෙනවා.

බොහෝ ප්‍රාන්තයන්හි මේ වනවිට වරෙන්තු රහිත සෝදිසි කිරීම් සිදුකිරීමට පොලීසියට බලය ලබාදී ඇති අතර සියලුම ප්‍රාන්තයන්හි දඩුවම් වැඩි කිරීමටද මේ වසරේ පියවර ගනු ඇති.
වික්ටෝරියාවේ සැප්තැම්බර් මාසයේ සිට දඩුවම් වැඩිවන අතර වැරදිකරුවන්ට වසර 2 ක් දක්වා සිර දඩුවම් සහ ඩොලර් 30,700 ක දඩ මුදල් නියම කිරීමට නියමිතයි.

ඕස්ට්‍රේලියානු අගනුවර වන කැන්බරා සියලු සම්බාධක අතරින් දැඩිම සම්බාධක පනවා ඇති අතර පිහියක් ළඟ තබාගෙන සිටින අයට වසර පහක සිර දඬුවමක් සහ ඩොලර් 80,000 ක් දක්වා දඩ නියම කර තිබෙනවා.
මෙම තත්ත්වය මත ඔස්ට්‍රේලියා රජය තරුණයින්ට පිහි රැගෙන යාමේ ප්‍රතිවිපාක පිළිබඳව දැනුවත් කිරීමේ අධ්‍යාපනික වැඩසටහන් ආරම්භකර ඇති බව සඳහන්.
නීතිය යටතේ, පිහියක් රැගෙන යාම සඳහා අවසර ඇත්තේ රැකියාවට හෝ පුහුණුවට, කඳවුරු බැඳීම හෝ දඩයම් කිරීමට හෝ ආගමික අරමුණු සඳහායි.
එමෙන්ම නීත්‍යානුකූල ක්‍රීඩාවක් හෝ විනෝදාත්මක ක්‍රියාකාරකම් සඳහා, නීත්‍යානුකූල ප්‍රදර්ශන හෝ එකතු කිරීම් සඳහා මෙන්ම නිළ ඇඳුමක් ඇඳීමේ කොටසක් ලෙස පිහියක් රැගෙන යාමට හැකි බවයි නීතීඥ සිං පැහැදිලි කර සිටියේ.