
ලෝඩ්ස් හි පැවති ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟයේදී තෙවන දිනය නිමාවට පත්වන විට ඔස්ට්‍රේලියාවට එරෙහිව දකුණු අප්‍රිකාවේ ආරම්භක පිතිකරු Markram සහ නායක Bavuma සිය කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පිති හරඹයක නිරත වෙමින් තම කණ්ඩායම ජයග්‍රාහී සීමාව ආසන්නයට ගෙන ඒමට සමත්ව තිබෙනවා.
මේ වනවිට AK Markram ලකුණු 102 ක් සහ නායක Bavuma ලකුණු 62 ක් ලබාගෙන සිටිනවා.
මේ වනවිට දකුණු අප්‍රිකා කණ්ඩායම තම දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් පමණක් බිඳවැටී ලකුණු 213 ක් ලබාගෙන සිටිනවා.

ඒ අනුව ඔවුන්ට ජයග්‍රහණය ලබාගැනීම සඳහා අවශ්‍ය වන්නේ තවත් ලකුණු 69 ක් පමණයි.