Search

අනතුරට පත් වූ Air India යානයේ Black Box එකෙන් රහස් රැසක් එළියට

Air India ගුවන් යානයේ flight data recorder හෙවත් Black box කොටස සොයාගැනීමට ඉන්දීය විමර්ශකයින් සමත් වී තිබෙනවා.

එය අනතුරට ලක් වූ ස්ථානය අසල වහලයක තිබී සොයා ගත් අතර ඉන්දියාවේ ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශය පැවසුවේ ආරම්භයේ සිට පූර්ණ බලයක් සහිතව එය ක්‍රියා කර ඇති බවයි.

යානයේ Black box කොටස සොයා ගැනීම විමර්ශනයේ වැදගත් ඉදිරි පියවරක් වන බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය රාම් මෝහන් නායිදු සදහන් කර සිටියා.

යාන්ත්‍රික ඉංජිනේරු ආයතනයේ මහාචාර්ය පෝල් ෆ්‍රෝම් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ යානයේ එන්ජිම සහ පාලන සැකසුම් පිළිබඳ සියලුම තොරතුරු Black box හි සදහන් වන බවයි.

ගුවන් යානයක Black box කොටස සුන්බුන් අතර හෝ වතුර යටදී පහසුවෙන් හදුනා ගැනීම සදහා දීප්තිමත් තැඹිලි පැහැයෙන් සාදනු ලබනවා.

මෙම පරීක්ෂණ අතරට ඉන්ධන පරාමිතීන්, කැබින් වායු සම්පීඩනය,එන්ජින් පාලන පද්ධතිය, හයිඩ්‍රොලික් පද්ධතිය සහ ගුවන්ගත කිරීමේ පරාමිතීන් සමාලෝචනය කිරීමට නියමිතයි.

තවද හඳුනාගත නොහැකි තරමට පිළිස්සී ගිය සිරුරු හඳුනා ගැනීම සඳහා DNA පරීක්ෂණ සිදු කෙරෙමින් පැවතෙන අතර ඉදිරියේදී තවත් සිරුරු, අනතුර සිදු වූ ස්ථානයෙන් හමුවෙනු ඇතැයි ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කර සිටියා.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »