Search

ඕස්ට්‍රේලියාවේ නගර පුරා විදුලි මිල ඉහළට

ඕස්ට්‍රේලියාව පුරා නිවාස වල විදුලි මිලෙහි වැඩිවීමක් සිදුව තිබෙනවා.

Canstar ප්‍රධාන නගරවලද සැලකිය යුතු ලෙස විදුලි මිලෙහි ඉහළ යාමක් වාර්තා වී ඇති බව සඳහන්.

සිඩ්නි වැසියන් 8.6% ක් වැඩිපුර විදුලි බිල්පත් සඳහා ගෙවනු ඇති බව වාර්තා වනවා.

මෙල්බන් සාමාන්‍ය ගෘහ වියදම් 6.2% කින් හෙවත් ඩොලර් 83 කින් ඉහළ ගොස් ඇති අතර, එමඟින් වාර්ෂික බිල්පත් ඩොලර් 1421 දක්වා ඉහළ ගොස් ඇති බවයි හෙළිවී තිබෙන්නේ.

බ්‍රිස්බන් පදිංචිකරුවන් 3.7% ක් වැඩිපුර ගෙවීම් සිදු කරන අතර කැන්බරා හි විදුලි බිල ඉහළ යාම් ප්‍රතිශතය 8.5% ක් ලෙස සැලකෙනවා.

Adelaide වැසියන්ද ඩොලර් 70 ක් වැඩිපුර ගෙවන අතර ඔවුන් ඒ අනූව ඔවුන් වසරකට ඩොලර් 2247 ක් වැඩිපුර ගෙවීම් සිදු කරනු ලබනවා.

ෆෙඩරල් රජය යම් මෙම බිල්පත් සදහා සහනයක් ලබා දීමට පියවර ගෙන තිබෙනවා

ඒ බලශක්ති බිල්පත් සහන අරමුදල යටතේ ඩොලර් 75 ක ගෙවීම් දෙකක් හරහා ඩොලර් 150 ක සහනාධාරයක් කාර්තු දෙකකදී ජනතාවට හිමිවනවා.

ඇල්බනීස්ට මුල්තැන නොදී ට්‍රම්ප් – ඔස්ට්‍රේලියා නායකයෙකු අතර රහස් සාකච්ඡාවක්

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඔස්ට්‍රේලියා තානාපති කෙවින් රඩ් අතර පැවති රහස් සාකච්ඡාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »