Search

Air India යානය මගහැරී දිවි බේරුණු තරුණිය

අහමදාබාද් නගරයේ රතවාහන තදබදය හේතුවෙන් අනතුරට ලක්වූ ගුවන් යානය මගහැරුණු 30 හැවිරිදි භූමි චෞහාන් සිය අත්දැකීම විස්තර කර තිබෙනවා.

නගරයේ තදබදය නිසා තමන් ගුවන් තොටුපළට‍යාමට සිදුවූ විනාඩි පහක ප්‍රමාදය හේතුවෙන් අනතුරට ලක්වූ ගුවන් යානය මගහැරුනු බවයි ඇය පවසන්නේ .

ගුවන් තොටුපොළ වෙත පැමිණි ඇයට ප්‍රමාදය නිසා යානයට ඇතුළු වීමට බලධාරීන් ඉඩ ලබා දී තිබුණේ නැහැ.

ඇය මෙම ගුවන් ගමනට එකතුවෙන්නට අවසර දෙන්නයි බලධාරීන්ගෙන් ඉල්ලීම් කර තිබුණත් ඔවුන් සඳහන් කර තිබුණේ යානය පිටත්ව යාමට අවශ්‍ය සියලුම කටයුතු සූදානම් කර ඇති බවයි.

මේ හේතුවෙන් ඇය යළිත් නිවස බලා පිටත්ව ගොස් තිබුණද ඒ අතරතුර ඇයට දැනගැනීමට ලැබී තිබුණේ ඇය යාමට නියමිතව තිබූ ගුවන් යානය අනතුරට ලක්ව ඇති බවයි.

භූමි පැවසුවේ ගුවන් යානයට ඇතුළු වීමට අවසර නොලැබීම තමාගේ ජීවිතය බේරීම උදෙසාම සිදුවූවක් යැයි විශ්වාස කරන බවයි .

Air India ගුවන් යානය අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 290 කට වැඩි සංඛ්‍යාවක් මිය ගිය අතර යානයේ ගමන් කල එක් අයකු පමණක් දිවි බේරා ගැනීමට සමත් වුනා.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »