
පසුගිය වසරේ සිට මෙම වසරේ අප්‍රේල් දක්වා Permanent and long-term සංක්‍රමණිකයන් 440,330 ක් පැමිණ තිබෙනවා.
එය රජය අපේක්ශා කර මට්ටමටද වඩා වැඩි ඉහළ යාමක් බව සඳහන්.
මෙම පිරිස අතරට සේවකයින් සහ ජාත්‍යන්තර සිසුන් ඇතුළත් වනවා.

අප්‍රේල් මාසයේදී පමණක් පැමිණීම් 77,720 ක් වාර්තා වී තිබෙන අතර එය මෙම වසරේ වාර්තා වූ ඉහළම අගය යි.
කෙසේවෙතත් මෙම වේගවත් වර්ධනය තුලින් ජාතියේ නිවාස අර්බුදය තවත් නරක අතට හැරෙමින් පවතින බව විචාරකයින් පවසනවා.

විපක්ෂ සෙනෙට් සභික ඇන්ඩෲ බ්‍රැග් පැවසුවේ රජය නිවාස සැපයුම විධිමත් කිරීමට පියවර ගත යුතු බවයි.